මිනුවන්ගොඩ , පත්තඩුවන , දේවාලවත්ත ප්‍රදේශයේ නිවසක අනියම් බිරිඳක් සමග ජීවත් වූ මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් එක් අයෙකු විසින් අනෙකාට තියුණු ආයුධයකින් ඇන කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
අනියම් බිරිඳ සමඟ ජීවත් වූ මෙම පුද්ගලයින් දෙදෙනා ගස් කැපීම වැනි කුලී වැඩ කරමින් ජීවත් වූ දෙදෙනෙකු වන අතර මොවුන් දෙදෙනා බීමත්ව සිටි අවස්ථාවක වෙළදසැලක් අසළ දී ආරවුලක් ඇති වූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව සඳහන් . එමෙන්ම ඔවුන් පදිංචි වී සිටි නිවස ඉදිරිපිටදී ද නැවත මෙම ආරවුල හට ගෙන ඇති අතර එම අවස්ථාවේ දී ඔවුන් ජීවත්ව සිටි නිවසේ අයිතිකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා අනෙකාට තියුණු ආයුධයකින් පහර දී කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරන ලදී.
මෙසේ ඝාතනයට ලක් වූ පුද්ගලයා 42 හැවිරිදි අයෙකු බව වාර්තා වේ.














































