වත්තේගම පොලිස් වසමේ ඇල්කඩුව මාර්ගයේ මලියදේව ලෙන් විහාරය ඉදිරිපිට බුදු මැදුරේ බුදු පිළිමය යට කුඩා බිළිදෙකු දමා ගිය සැකකාර මව අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ,උකුවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් වන අතර මැයට දරුවන් දෙදෙනෙකු සිටින අතර මෑතකදී උපන් දින පහක් වයසැති දරුවාගේ පීතෘත්වය පියා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කලකිරීමට පත්ව එලෙස දරුවා දමා ගිය බව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවේ.
මග දෙපස ඇති ආවේක්ෂණ කැමරා පද්ධති පරීක්ෂා කිරීමෙන් පසු සැකකාර මව අත්අඩංගුවට ගත් බව සදහන්.
මෙම දරුවා වත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවාට අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් මහනුවර රෝහලේ ළදරු ඒකකයට ඇතුළත් කර ඇති අතර මව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































