ගම්පහ , ඔරුතොට ප්‍රදේශයේ මහමග ගමන් ගනිමින් සිටි කාන්තාවකගේ ගෙල බැද තිබූ රන් මාලය කොල්ලකා ඇති පුද්ගලයකුගෙන් යක්කල පොලිසිය ප්‍රශ්න කිරීමේදී එය ගිල දැමූ බවට ප්‍රකාශ කර තිබේ.
යතුරු පැදියකින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනකු කාන්තාවකගේ රන් මාලය කඩාගෙන ඇති බවත් අවට සිටි පිරිසක් පැමිණීම මත පැදිකරු පලා ගිය බැවින් මාලය අතැතිව සිටි කොල්ලකරු අල්ලා ගැනීමේදී එය ගිල ඇති බව වාර්තා වේ.
සැකකරු පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් එක්ස් කිරණ පරීක්ෂණයට ලක් කිරීමේදී රන් මාලය උදරය තුල ඇති බව පෙනී තිබේ.
ඒ අනුව යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සරත් බණ්ඩාර මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මාලය එළියට ගැනීම පිණිස සැකකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.














































