ක්‍රීඩා 40ක් සහ ක්‍රීඩා ඉසව් 481ක් ඇතුළත් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය හෙට (23) චීනයේ හංසෝ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙවර ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා 21ක් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 97ක් සහ නිළධාරින් 57ක් සහභාගී වීමට නියමිත බව සදහන්.
හෙට පැවැත්වෙන සමාරම්භක උත්සවයේදී මීටර් 800 ඉසව්වෙන් තරග වදින ගයන්තිකා අබේරත්න ශ්‍රී ලංකා ධජය රැගෙන යාම සිදු කරනු ඇත.
2018 වර්ෂයේදී ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී කිසිඳු පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.
එනමුත් නිමා වූ ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේදී දැක්වූ දක්ෂතාවයන් මත මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් බලාපොරොත්තු රාශියක් තිබෙන බවට ජාතික ඔලිම්පික් කමිටුව බලාපොරොත්තු පළ කර තිබේ.













































