ගෑස් මිල අඩු කිරීමත් සමඟම ආපනශාලාවල ආහාර පානවල මිල ගණන් ද අඩු කළ යුතු බවත් , ප්ලේන් ටී එකක මිල රුපියල් 30ක් දක්වා අඩු කළ යුතු බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙන්ම ආපනශාලාවල ආහාර පානවල මිල ගණන් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත යුතු බවත් , විපක්ෂය නියෝජනය කරන ඇතැම් හෝටල් හිමියන් මෙම සහනයන් පාරිභෝගිකයින් හට ලබා නොදෙන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.













































