විවිධ භාණ්ඩ වල හා ඉන්ධන මිලගණන් වෙනස් වෙමින් පැවතුනද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන්කොට ඇත්තේ බේකරි නිෂ්පාදන වල මිල ගණන් මේ අවස්ථාවේ පහළ දැමිය නොහැකි බවයි.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසා ඇත්තේ උත්සව සමයේ ඉන්ධන මිල තවත් අඩුවී බිත්තර හිගය පහව යන්නේනම් පමණක් බේකරි නිෂ්පදාන වල මිල අඩුකළ හැකි බවයි.
ඔහු වැඩිදුරටත් සදහන් කරනුයේ බේකරි නිෂ්පාදන වල මිල අඩුකිරීමට තරම් ප්‍රමාණවත් ලෙස ඉන්ධන මිල වෙනස් නොවූ බව හා බිත්තර හිගය තවමත් රට තුල ඇති බවයි.














































