අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූවද කිරිපිටි වල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් , ලබන සඳුදා (15) වන විට මිල ගණන් අඩු කිරීම සම්බන්ධව සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවත් කිරිපිටි ආනයනකරුවන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
නමුත් කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩු කිරීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍යවරයා ඊයේ (12) ප්‍රකාශ කළ බව වාර්තා වේ.













































