අයදුම්කරුවන් මාර්තු 31 දිනට පෙර නිවැරදි තොරතුරු ලබා දී ප්‍රතිලාභ අහිමි වීම වළක්වා ගන්න මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා, සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මඟින් ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කර තිබේ.
දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විටත් අදියරෙන් අදියර සිදු කරමින් පවතී.
ඒ අනුව දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 46%ක් බව සඳහන් කළ අමාත්‍යවරයා පිළිවෙළින් බදුල්ල දිස්ත්‍රික්කයේ 34%ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 32%ක් ද ආදී වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීම සිදු කර ඇති බව පවසා තිබේ.
මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වන දිනෙන් අවසන් වන බැවින් කඩිනමින් තොරතුරු සමීක්ෂණ කටයුතු සිදු කරන නිලධාරීන් වෙත නිවැරදි දත්ත ලබා දීමට කටයුතු කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා සියලුම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කර තිබේ.














































