චීන රජයට අයත් සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමට අදාළ යෝජනාව අද (27) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එහි ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත තෙල් පිරිපහදුව, අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආයෝජනයක් වන අතර ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් හෙට (28) දිනයේ සිදුකිරීමට අපේක්ෂා කරන බවද කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කර යි.
“හම්බන්තොට නව පිරිපහදුවක් වෙනුවෙන් පිලාස කැඳවීම් කටයුතු කළා. ඒ අනුව අධ්‍යයන කටයුතු අවසන් කරලා තෝරාගැනීමට ලක්කරා. තෝරා ගැනීමට ලක්කරේ සයිනොපෙක් සමාගම. මේ සමාගමට අවශ්‍ය ගිවිසුම් ගතවීම් වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට අනුමැතියට දැන් ඉදිරිපත් කරලා තියෙනවා. පසුගිය බදාදා කැබිනට් අනුකමිටුව සඳහා අනුමැතිය ලබාදීලා තියෙනවා. එන සඳුදා න්‍යාය පත්‍රයේ අවසාන තීන්දුව වෙනුවෙන් යොමුකරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අඟහරුවාදා වනවිට මේ පිළිබඳව නිල වශයෙන් ගිවිසුම් ගත වීමේ කටයුතු කරන්න. මෙය ලංකාවට එකතු වෙන බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රධානතම ආයෝජනය බවට පත්වෙයි. අඩුම තරමේ අපි බලාපොරොත්තු වෙනවා අමෙරිකානු ඩොලර් බිලියන 4.5 – 5ක ආයෝජනයක් සමග අපනයනය කේන්ද්‍ර කරගත් අපේ රටේ අවශ්‍යතාවයන් වලටත් ආයෝජනයක් බවට පත්වෙන්න.”














































