කුකුළු මස් සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම තාවකාලික බවත් , එම තත්ත්වය ඉදිරි සතිය හෝ දෙකක කාලයක් දක්වා පැවතිය හැකි බවත් වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
නමුත් අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම සිදු කළ නොහැකි බවත් ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බවත් , ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහළ යන බවත් සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කර තිබේ.













































