වතුගෙදර ආදාදොල ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු වුවත් වෙඩික්කරුට ඉලක්කය වැරදී ඇති බවට වාර්තා වේ.
අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ පේමසිරි ඝාතනයේ ප්‍රධාන සැකකරු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට මූලික පරීක්ෂණ වලින් හෙළිවේ.
ඔහු සිය පුතා සමග යතුරුපැදියෙන් ගමන් කර සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඔහු දරුවා සමග වෙළට පැන දිවි බේරාගෙන ඇති බව සදහන්.
මෙයින් ඔහුට හා දරුවාට කිසිදු හානියක් සිදු නොවූ අතර ඒ ආසන්නයේ පතරොම් කිහිපයක් වැටී තිබියදී සොයාගත් බවට පොලිසිය ප්‍රකාශ කරයි.














































