වතුකරයේ මැණික් සෙවීම සඳහා සමහර පිරිස් තේ පඳුරු යට හෑරීමට පියවර ගැනීමත් සමඟ වතුකරයේ තේ වගාව විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව වතු කම්කරුවන් පිරිසක් ප්‍රකාශ කරති.
මෙම තත්ත්වයන් පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසන්නේ මේ වන විට බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙළිය යන ප්‍රදේශවල සමහර වතු කම්කරුවන්ම මැණික් සෙවීම සඳහා තේ පඳුරු යට හෑරීමට පියවර ගෙන ඇති බවයි.
මෙසේ තේ පඳුරු යට මැණික් සෙවීමට පියවර ගැනීමත් සමඟ එම තේ වගාවන් විනාශයට පත්වන බවත් , එම තත්ත්වයන් මත ඉදිරියේදී වතු ජනතාවට තම රැකියාවන් නිසි ලෙස කර ගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවත් එම පිරිස් පවසති.
මෙම තත්ත්වයන් පිළිබඳව දැඩි අවදානයක් යොමු කර මෙසේ තේ වගාවන් විනාශයට පත් කරමින් මැණික් ගැරීම් සිදු කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමට අදාළ නිලධාරින් පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් සඳහන් කරති.














































