පාසල් දැරියකට ලිංගික අතවර සිදු කළ ගුරු උපදේශකවරයෙකු නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අපයෝජනයට ලක් වී ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවියකි.
පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක් තුළදී මෙම ගුරුවරයා මෙලෙස සිසුවිය අපයෝජනය කර ඇති බවට පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් හතළිස්පස් හැවිරිදි ගුරුවරයා අද(11) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































