අවුරුදු දා (14) නිවෙස්වලින් පලා ගොස් තිබූ බාල වයස්කාර සිසුන් තිදෙනා අම්බලන්ගොඩ ප්‍රදේශයේ රැඳී සිටිය දී පොලිස් භාරයට ගත් බව වාර්තා වේ.
මෙම සිසුන් තිදෙනාගෙන් එක් අයෙකු ආර්ථික අපහසුතා ඇති බැවින් රැකියාවක් කිරීමට අවශ්‍ය බවත් , අනෙක් දෙදෙනා සංගීත ප්‍රසංගයක් නැරඹීමට යන බවත් පවසමින් මෙසේ නිවෙස් වලින් පිටව ගොස් තිබුණි . මෙම සිසුන් තිදෙනා ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් සහ ඥාතීන් එක්ව මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබේ. පසුව පොලීසිය විසින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ රැඳී සිටියදී අදාළ සිසුන් සොයා ගත්බව සඳහන්.














































