පසුගිය 04 වන දින අනුරාධපුර ගුවන්තොටුපොළ මාර්ගයේ බීමතින් අපරික්ෂාකාරී ලෙස කොළ පැහැති ත්‍රී රෝද රථයක් ධාවනය කරමින් අනතුරක් සිදු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පසුගිය දිනවල සංසරණය වූ අතර මෙම අනතුරින් ත්‍රී රෝද රථ රියදුරුට තුවාල සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ත්‍රී රෝද රථ රියදුරුව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.














































