යාපනය සහ කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ජුලි මස 15 වන දා සිට යළි ආරම්භ කෙරෙන බව වාර්තා වේ.
උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් කොළඹ සිට දුම්රිය ධාවනය පසුගිය ජනවාරි මස 5 වැනිදා සිට අනුරාධපුරයට පමණක් සීමා වී තිබූ නමුත් මේ වන විට අනුරාධපුරයේ සිට ඕමන්තය දක්වා වූ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර අවසන් බැවින් කොළඹ කොටුව හා යාපනය අතර දුම්රිය ධාවනය ජුලි මස 15 වනදා සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව සඳහන් වේ.














































