එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීම එහි පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බව වාර්තා වේ.
මෙහිදී ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඒ අනුව සම්මේලනය පැවැත්වෙන ආකාරය සහ එහි වැඩපිළිවෙල සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා , සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් දැනුවත් කර තිබේ.
එමෙන්ම එහිදී සම්මේලන දිනයේ ක්‍රියාත්මක වැඩසටහනට පක්ෂ සාමාජිකයින්ගේ කිසිදු විරෝධතාවක් එල්ල වී නොමැති බව සඳහන්.














































