කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සූරියපුර පිහිටි සූරිය වැවේ සවි කර තිබු කාන්ති වැවට ජලය මුදා හරින ගේට්ටුව අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැඩී ගොස් ඇති බව වාර්තා වේ .
වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මේ හේතුව නිසා සූරියපුර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බවත් , කන්තලේ සේරුනුවර මාර්ගය ද ජලයෙන් යටවී ඇති බවත් ය.
ගේට්ටුව සවි කර ඇති ස්ථානයේ බැම්ම මතින් නිරන්තරයෙන් අලි ගමන් කරන අතර අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙම ගේට්ටුව කැඩී යාමට එය හේතු වන්නට ඇතැයි කන්තලේ වාරි මාර්ග ඉංජිනේරු එස්.ඒ.චින්තක එස්.සුරවීර මහතා සඳහන් කරන ලදී .
ගලා යන ජලකඳ පාලනය කර නිවාස හා මාර්ගය යටවීම වැළැක්වීමට තාවකාලික පිළියමක් ලෙස ආරක්ෂක අංශ,ගම්වැසියන් එක්ව වැලි ගෝනි ගසා වසා දමා තිබෙන බව වාර්තා වේ .














































