අයියාගේ කිහිලිකරු පහරින් බරපතළ තුවාල ලැබූ මල්ලී හේනේවල දිසා රෝහලට ඇතුළත් කිරීමේ දී ඊයේ (18) ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
බීමත්ව පැමිණි අයියා සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිඳු කර ඇති බව සඳහන්.
පහර දීමෙන් ජීවිතක්ෂයට පත් වූ බාල සොයුරා කඩුගන්නාව මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් වන අතර පහර දුන් සැකකරු 54 හැවිරිදි අයෙකි.සැකකරු මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා කරයි.














































