මියගිය පුද්ගලයින්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර මෙරටදී නිෂ්පාදනය කරන ස්වර්ණාභරණ හරහා වසරකට ඩොලර් ලක්ෂ පහළොවක පමණ විදේශ විනිමයක් ඉපයීමේ හැකියාවක් ලැබී ඇති බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සදහන් කළ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් මෙම නිෂ්පාදන කිරීම සදහා අදාළ ආයතන මේ වන විටත් සියලු පහසුකම් සලසා දී ඇති බව සදහන්.
ශ්‍රී ලංකාව තුළ තවමත් මෙවැනි ස්වර්ණාභරණ පැළදීම සදහා නැඹුරුවක් දක්වන පිරිසක් දක්නට නොලැබෙන නමුත් යුරෝපය ,ජර්මනිය ,මැද පෙරදිග වැනි රටවල් තුළ මෙම ආභරණ සදහා විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති බව සදහන්.
මෙම ස්වර්ණාභරණවල පවතින ඉහළ ප්‍රමිතිය හේතුවෙන් ලැබෙන ඇනවුම් ප්‍රමාණය ඉහළ යමින් ඇති බවට ආර්.කේ.එස් ආයතනයේ සභාපති රෝලන්ඩ් කාල් පොයිබර් මහතා සදහන් කර තිබේ.














































