අභියාචනාධිකරණය විසින් වයස අවුරුදු 60 සම්පුර්න කොට සිටින සියලුම රාජ්‍ය සේවයේ හෙද හෙදියන් වයස අවුරුදු 63 සම්පුර්න වන තුරු විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇති බව වාර්තාවේ.
ඒ, අගමැති දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්, සෞබ්‍යය අමාත්‍ය වරයා හා තවත් පාර්ශවයන් කිහිපයක් වග වූත්තරකරුවන් ලෙස පෙන්වාදෙමින් රාජ්‍ය එක්සත් හෙද සංගමය ඇතුළු පාර්ශවයන් කිහිපයක් සමගින් ඉදිරිපත් කොට තිබු පෙත්සමක් කැදවු අවස්ථාවේ මෙම නියෝගය ලබා දී ඇති බව සදහන් වේ.
පෙත්සම් සලකා බැලු අභියාචනාධිකරණ විනිසුරුවන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්.ඒ.ආර්. මරික්කාර් යන විනිසුරුවන් විසින් මෙම නියෝගය ලබා දී තිබේ.














































