සූදු සෙල්ලම් කිරීමට පැමිණි ව්‍යාපාරිකයෙකුගේ මුදල් කොල්ලකෑ තිදෙනෙකු ඊයේ (28) හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයින් තිදෙනා ව්‍යාපාරිකයාට මුදලට සූදු ක්‍රිඩා කිරීමට පැමිණෙන ලෙස දන්වා පිටිපන ප්‍රදේශයට ගෙන්වා ගෙන තිබේ.
ඉන්පසු ව්‍යාපාරිකයාගේ ගෙලට මන්නයක් තබා මරණ තර්ජන එල්ල කර ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ නවයකට ආසන්න මුදලක් කොල්ල කා පළා ගොස් ඇති බව සදහන්.
පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.














































