යාපනය කෝපායි පොලිස් වසමට අයත් උරුම්බිරායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක සිටි අවුරුදු 14 , 15 , 16 යන වයස්වල පසුවූ දැරියන් තිදෙනෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මෙම දැරියන් තිදෙනා මුලතිව් හා උරුම්බිරායි යන ප්‍රදේශවල පදිංචිව සිට මෙම ළමා නිවාසය වෙත රැගෙන ආ බව සදහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.














































