අද අලුයම් කාලයේ හබරන පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටුඔය ප්‍රදේශයේදී වන අලියෙකු වෑන් රථයක ගැටී ඇති බව වාර්තා වේ.
වෑන් රථයේ පුද්ගලයින් 4දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් තිදෙනෙකු තුවාල ලබා හිගුරක්ගොඩ රෝහලට ඇතුළත් කළ බව සදහන්.
කොළඹ සිට කාතන්කුඩි ප්‍රදේශයට ගමන් කර ඇති මෙම ත්‍රීරෝද රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට මුල් වී ඇති බව සදහන්.
වාහනයේ ගැටුණු වන අලියා අනතුරෙන් පසු මින්නේරිය වැවට යන අවස්ථාවේදී යතුරුපැදි දෙකකටත් පහර දී තිබේ.
මේ පිළිබඳව මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.














































