කොළඹ නගරයේ අලෙවි කිරීමට ගෙන එමින් සිටි කේරළ ගංජා සමග ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනෙකු සහ තවත් සිවිල් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අදාළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් යාපනයේ සිට කොළඹ ප්‍රදේශයට ගෙන ආ සැකකරුවන් අතර යුද හමුදා සෙබළෙකු හා නාවික හමුදා සෙබළෙකු සිටින බව සදහන්.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙදපොළ වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්න බව පොලිස් විමර්ශණවලදී හෙළි වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූනෑව පොලිසිය විමර්ශණ ක්‍රියාත්මකයි.














































