ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වීම සදහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු සිම්බාබ්වේ වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.
ඔවුන් යවනු ලබන්නේ යම් නිත්‍ය ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වුවහොත් කණ්ඩායමට එක් කිරීමට බව සදහන්.
ඒ අනුව ඩිල්ශාන් මධුසංඛ ,දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ ජූනි 23 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බව සදහන්.













































