මේ දිනවල පැතිර යන ඇස් රෝගයෙන් වැළකී සිටීම සඳහා සබන් යොදා දෑත් සේදීම සිදු කල යුතු බවද නිතර මුහුණ ඇල්ලීමෙන් වැළකිය යුතු බවද අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ආර්. එම් තව්ෆික් පවසා ඇති බව වාර්තා වේ.
එසේම සෙනග ගැවසෙන ස්ථානවලින් හැකි සෑම අවස්ථාවකම ඈත් වී සිටින ලෙස ද රෝගීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසද ඔහු පවසා ඇති බව සඳහන් .
මෙම රෝගයේ මුලික අවස්ථාව වන්නේ ඇස් කැසීම වන අතර රෝගී ඇසක ශ්‍රාවයන් නිරෝගී ඇසක ස්පර්ශ වීමෙන් රෝගී වීමේ හැකියාවක් පවතින බවට ප්‍රකාශ කර තිබේ.













































