දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ සිදු වන දරුණු අපරාධ මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම නීතිවිරෝධී සහ බලපත්‍ර රහිත ගිනිඅවි ආරක්ෂක අංශ වෙත භාර දීමට ජුලි 31 වනදා දක්වා සහන කාලයක් ලබා දී ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.













































