English
සිංහල
18:51 සිකුරාදා, ජූලි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    තිස්ස රටේ ඇත්ත තත්ත්වය කියයි.

    Ravana Publisher by Ravana Publisher
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රට තුළ ප්‍රශ්න රැසක් තිබෙන අවස්ථාවක ආණ්ඩුව ජනාධිපතිවරණය පිළිබඳ විවිධ මාතෘකා කරළියට ගෙන එමින් කතිකාවතක් ඇති කරමින් රටේ මිනිස්සුන්ගේ සාමාන්‍ය දෛනික ප්‍රශ්න අමතක කරන්න උත්සහ කරන බවක් පෙනෙන්නට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවැසීය.

    ආණ්ඩුව මැතිවරණ වලට භය නිසා මැතිවරණ සිතියම හකුළුවන්න උත්සහ කරන බවත් මැතිවරණයකින් ජනතාවගේ කැමැත්ත බලන්න ආණ්ඩුවේ කිසිම සූදානමක් නැති බවත් අත්තනායක මහතා හෙතෙමෙ කීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ , ජනාධිපතිවරණය කුමන මොහොතක පැවැත්වූවත් ජනාධිපතිිවරණයකට සමගි ජනබලවේගය සූදානම් බවත් සමගි ජනබලවේගය ඒ සඳහා වැඩපිළිවෙලකට යමින් තිබෙන බවත්ය.

    එමෙන්ම රටේ ජනතාවගේ ජීවත් වීමේ අරගලය මේ වනවිට ඉතා දරුණු පැත්තකට හැරී ඇති බවත් එවැනි තත්ත්වයක රටේ ආර්ථිකය නිසි තැනකට ගෙන එන්න ආණ්ඩුව තවම වැඩපිළිවෙලක් සකස් කර නැති බවත් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

    ඊශ්‍රායල සහ පලස්තීන අතර පවතින යුද ගැටුමට මැදිවී සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගන්න ආණ්ඩුවට තවම වැඩපිළිවෙලක් නැති බවත් ඒ පිළිබඳ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම සොයාබලා කටයුතු කළ යුතු බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඊශ්‍රායලයේ සිටින ලංකාවේ පුරවැසියන් ගැන හොයාබලන්න උනන්දුවෙන් කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් කෘතවේදිත්වය පළකරන බවත් තිස්ස අත්තනායක මහතා පැවැසීය.

    තිස්ස අත්තනායක මහතා මේ බව සඳහන් කළේ අද (16) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේ පැවැසීය

    ‘‘සමාජ කතිකාවතක් ආරම්භ වෙලා තියෙනවා ජනාධිපතිවරණය නොපවත්වා කල් දාන්න ආණ්ඩුව උත්සහ කරනවා කියලා. තවත් පැත්තකින් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ආණ්ඩුව පිඹිරුපත් සකස් කරමින් තිබෙනවා. 2024 ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැති බව කියමින් සමාජ කතිකාවතක් ඇති කිරීමට ආණ්ඩුව විවිධ ප්‍රචාරණයක් ආරම්භ කරලා තියෙනවා.

    අධිකරණ ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ පත්‍රිකාවෙන් කියවෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය ගැන නව යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන.

    ජනාධිපතිවරණයක් තියෙනවාද නැද්ද මහ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න උවමනාද නැද්ද ඒ සඳහා සංශෝධන ගේනවාද නැද්ද කියලා සාකච්ඡා කරන්න සුදුසු වෙලාවක් විදිහට මේ වෙලාව අපි දකින්නේ නෑ.

    බිඳ වැටුණු රට ගොඩගැනීම සඳහා බංකොලොත් වූ රට බංකොලොත් භාවයෙන් ගලවා ගැනීම සඳහා ජාතික මෙහෙවරක් සිදුකළ යුතු අවස්ථාවක එය එසේ නොකර ආණ්ඩුව විවිධ මාතෘකා කරළියට ගෙන එමින් රටේ ප්‍රධාන ප්‍රශ්න අමතක කරමින් තිබෙනවා.

    රටේ ජනතාවගේ ජීවත් වීමේ අරගලය මේ වනවිට ඉතා දරුණු තැනකට පත්වෙලා තිබෙනවා. රටේ ආර්ථිකය නිසි තැනකට ගේන්න ඕන මාර්ගයවත් ආණ්ඩුව තවම සකස් කරගෙන නෑ. ඒ වගේම ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟවෙලා සාකච්ඡා කරලා යම් ආකාරයක බලාපොරොත්තුවක් රටට සුබවාදී තත්ත්වයක් තියාගන්න පුලුවන් තත්ත්වයකට ලඟාවෙලා නෑ.
    විදේශ ණය ගැතියන් සමඟ ණය ගෙවීම් පිළිබඳ එකතාවයන් තවම අවසන් කරගෙන නෑ.

    ප්‍රශ්න රැසක් රට තුළ තිබෙන අවස්ථාවක ආණ්ඩුව ජනාධිපතිවරණය තිබෙනවාද නැද්ද කියලා කතිකාවතක් ආරම්භ කරලා රටේ මිනිස්සුන්ගේ සාමාන්‍ය දෛනික ප්‍රශ්න අමතක කරන්න උත්සහ කරන බවක් පෙනෙන්නට තිබෙනවා.

    කුමන හේතුවක් නිසාවත් රටේ ජනතාවගේ ජන මතය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් කරන්න සමගි ජන බලවේගය ඉඩ දෙන්න සූදානම් නෑ.

    මේ වනවිත් ආණ්ඩුව ජනතාවගේ පරමාදිපත්‍යයේ කොටස් කිහිපයක් උදුරගෙන තිබෙනවා. පළාත් සභා මැතිවරණය / පළාත් පාලන මැතිවරණය උදුරගෙන තිබෙනවා. මෙය සම්පූරණයෙන් නීති විරෝධී ක්‍රියාදාමයක්.

    2024 සැප්තැම්බර් මාසයෙන් පස්සේ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. එයට වංගු ගහන්න බෑ. වෙනත් ආකාරයක පැලැස්තර ගහන්න බෑ. ජනාධිපතිවරණය පැවැත්තුවේ නැත්නම් ව්‍යවස්ථාවට අනුව සිදුවන්නේ අරාජික තත්ත්වයක්. රටේ නායකයෙන් නැති තත්ත්වයක් නිර්මාණය වෙනවා.

    ආණ්ඩුවට ජනාධිපතිධූරය අහෝසි කිරීම පිළිබඳව අදහසක් තිබෙනවානම් එය‍ෙකෙස්ද කරන්නේ කියන කාරණය සාකච්ඡා කළ හැකි දෙයක්. නමුත් ජනාධිපතිවරණය නොපවත්වා තවදුරටත් රැඳී සිටින්න වත්මන් ජනාධිපතිවරයා උත්සහ කරනවානම් එය පරාජය කරන්න සියලු බලවේග සමඟ එකතු වෙලා කටයුතු කරන්න අපි සූදානම්.
    එය ජනතාවගේ පරමාධිපත්‍ය බලය උදුරාගැනීමක්.

    මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරලා තිබුණා අවුරුදු දෙකකට ඡන්දයක් එන්නේ නෑ කියලා. එයාලා කැමතියි ඡන්දයක් නැතුව ඉදිරියට යන්න. නමුත් ජනතාව කැමැති නෑ. ඔවුන්ට දුන්න ජනවරම අහෝසි වෙලා තියෙන්නේ. අරගලය සමඟ ආරණ්ඩුවට තිබ්බ බලය අහිමිවෙලා තියෙන්නේ.

    ආණ්ඩුව මැතිවරණ වලට භය නිසා මැතිවරණ සිතියම හකුළුවන්න උත්සහ කරනවා. මැතිවරණයකින් ජනතාවගේ කැමැත්ත බලන්න ආණ්ඩුව කිසිම සූදානමක් නෑ. මැතිවරණ කොමිසම මැතිවරණ සඳහා මුදල් නැවත ඉල්ලලා තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ මැතිවරණයක් අවසන් කරන්න මුදල් එකවර අවශ්‍ය වෙන්නේ නෑ මුදල් කොටස් වශයෙන් වෙන් කරන්න කියලා.

    ලබන වර්ශයේ අයවැය ලේඛනයට අනිවාර්යෙන් ජනාධිපතිවරණයට මුදල් වෙන් කිරීමට ව්‍යවස්ථාවෙන්ම ආණ්ඩුව බැදිලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට නිදහසට කරුණු කියන්න අවස්ථාවක් නෑ.

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්න වංගු ගහලා මැතිවරණ කල් දැමීම නෙවෙයි. මහජනතාවගේ පරමාධිපත්‍යයේ අයිතිය කියලා කියන්නේ විධායක බලය භාවිතා කරලා මැතිවරණ ක්‍රමය කඩාකප්පල් කරන එක හෝ ජනාධිපතිරවයාගේ නියෝජිතයන් හරහා ආයතන පාලනය කිරීම නෙවෙයි.

    ජනාධිපතිවරණය කුමන මොහොතක පැවැත්වුවත් ජනාධිපතිිවරණයකට සමගි ජනබලවේගය සූදානම්. සමගි ජනබලවේගය ඒ සඳහා වැඩපිළිවෙලකට යමින් තිබෙනවා. දේශපාලන පක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් තිබෙනවා. ජනාධිපතිවරණය ලබා ගැනීම සමගි ජනබලවේගයේ එක් පරමාර්ථයක්. ජනාධිපතිවරණය ජයග්‍රහනය කිරීම තවත් පරමාර්ථයක්. රටේ වෙනසක් ඇති කරන්න ජනාධිපතිනරය අනිවාර්යෙන් පවත්වන්න ඕන. එය සංශෝධනය කරන්න හෝ කල් දැමීමට ආණ්ඩුව ගන්න සියලු උත්සාහයන් පරාජය කරන්න සමගි ජනබලවේගය ඒකබද්ධ ව්‍යාපාරයකට යන්න සූදානම්.

    ආණ්ඩුව නැවත වතාවක් ජල බිල / විදුලි බිල වැඩි කරන්න සූදානම් වෙනවා. ජල මණ්ඩලය පාඩු ලබන නිසා ඒ පාඩුව පියවා ගන්න ජල බිල වැඩිකරන බව නියෝජන්‍ය ඇමැති සනත් නිශාන්ත ප්‍රකාශ කරලා තිබෙනවා.

    විදුලි බල මණ්ඩලය කියනවා විදුලි බිල වැඩිකළත් පාඩුව පියවගන්න විදිහක් නෑ කියලා. ඒ නිසා සියයට 22 කින් හෝ එක ඒකකයන් රුපියල් 8 කින් වැඩිකරන්න මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලලා තිබෙනවා.

    මොවුන් මේ වැඩි කිරීම කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හෝ නොකඩවා විදුලිය / ජලය සපයන්න හෝ නොකඩව විදුලිය / ජලය සපයන්න නෙවෙයි. මණ්ඩලයේ පාඩුව පියවා ගන්න. මණ්ඩලය පාඩු ලබන්නේ අකාර්යක්ෂමතාවය හා දූෂණය නිසා.

    මණ්ඩල පාඩු ලබන එකට ජනාතාව වන්දිය ගෙවිය යුතු නෑ. විදුලි බිල මාස කිහිපයකට පෙර වැඩිකළා ඒ වැඩිකිරීමෙවත් දරාගන්න රටේ ජනතාවට නොහැකි වෙලා තිබෙනවා. එවැනි මොහොතක නැවත වත්වක් විදුලි බිල සියයට 22 කින් හෝ එක ඒකකයන් රුපියල් 8 කින් වැඩිකරන්න මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලීම සාධාරණ නැත.

    මිනිස්සුන්ට පරිත්‍යාග කරන්න පුලුවන් ප්‍රමාණයක් තිබෙනවා. ඒ ප්‍රමාණය ඉක්මවලා තිබෙන්නේ. මිනිස්සු ආර්ථික ගැටලුවලින් මිරිකිලා ඉන්න වෙලාවක වැඩියෙන් බදු ගහන්න ආණ්ඩුව උත්සහ කරනවා.

    ෆිච් රේටින් ආයතනය පවසන්නේ විදුලි බිල සියයට 150 කින් වැඩි කළත් මණ්ඩලයේ පාඩුව පියවගන්න නොහැකි බවයි. විදුලි බිල හා ජල බිල වැඩි කරන්න ආණ්ඩුව උත්සහ කරනවා කියන්නේ රටේ ජනතාව ගැන ආණ්ඩුව කිසිදු කිසිදු හැගිමක් නොමැති බවයි.

    ආණ්ඩුමේ මූල්‍ය ඉලක්කවලට යන්න රටේ පුරවැසියන් පීඩාවට පත් කරලා බදු එකතු කරන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. බිල් වැඩි කරන්න පුලුවන් වෙන්නේ ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් වුනොත් පමණයි. මේ තියෙන ආර්ථික තත්ත්වය යටතේ ජනතාවට බර පටවන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ඊශ්‍රායල සහ පලස්තීන අතර පවතින යුද ගැටුම අපට කාරණා කිහිපයකින් බලපානවා. මැදපෙරදිග කලාපයේ ඇති වන ව්‍යාකූලත්වය ලංකාවට ලැබෙන ප්‍රතිපාදන වලට සෘජුවම බලපානවා. විදේශ ප්‍රේෂණ ලංකාවට අඩු වෙනවා.

    ඒවගේම ඊශ්‍රායලයේ ඉන්න ලංකාවේ පුරවැසියන් ඉවත් කරගන්න ආණ්ඩුවට තවම වැඩපිළිවෙලක් නෑ. ඒ ගැන අවදානයක් යොමු කරලත් නෑ. ඊශ්‍රායලයේ ඉන්න ලංකාවේ පිරිස ගැන ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම සොයාබලා කටයුතු කළ යුතුයි.

    ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඊශ්‍රායලයේ ඉන්න ලංකාවේ පුරවැසියන් ගැන හොයාබලන්න උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපේ කෘතවේදිත්වය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට පළකරනවා. නමුත් රජයක් ලෙස කිසිදු පියවරක් අරගෙන නෑ.

    විදේශ ශ්‍රමිකයින්ගෙන් රටට එන විදේශ ආදායම අඩුවෙන්න ඉඩ තිබෙනවා. ලංකාවට එන විදේශ විනිමයවලින් බහුතරයක් ලැබෙන්නේ මැදපෙරදිග රටවල්වලින්. මැදපෙරදිග රටවල් ඊශ්‍රායල සහ පලස්තීන යුද්ධයට මැදි වුනොත් නැවත වතාවක් ලංකාව විදේශ විනිමය අර්බුදයකට යන්න පුලුවන්. ඛණිජ තෙල් සහ ගෑස් වල ප්‍රශ්න මතුවෙන්න පුලුවන්.

    ආණ්ඩුවට ඊශ්‍රායල සහ පලස්තීන යුද්ධය පෙන්නලා තෙල් මිල සහ ගෑස් මිල වැඩිකරන්න අවස්ථාවක් උදාකරන්න ඉඩකඩ තිබෙනවා. පෙර මිලට ලබාගත් තෙල් ගෑස් මිල වැඩිකරලා ජනතාවට අලෙවි කරන්න ඉඩ තිබෙනවා.

    ආණ්ඩුව මර්දනකාරී අණ පනත් ගේන්න උත්සහ කරනවා. සමාජයෙන් මතුවෙන විරෝධය නිසා මේ අණ පනත් ගේන එක සීමා කරගනියි කියලා අපි හිතුවා. නමුත් සමාජ මාධ්‍ය නියාමන පනත ගේන්න තාම ආණ්ඩුව උත්සහ කරනවා. සමාජ මාධ්‍ය හරහා ආණ්ඩුවට එල්ලවල බලපෑම වහලා දැම්මොත් සියල්ල හරි කියලා ආණ්ඩුව හිතනවා. සමාජ මාධ්‍ය නියාමන පනත මේ මොහොතේ ගේන්න අවශ්‍යතාවයක් නෑ.
    සමාජ මාධ්‍ය කොයි ආකාරයටද නියාමනය කරන්නේ කියලා සියලු පාර්ශ්ව කැඳවලා සාකච්ඡා කරන්න පුලුවන්. නමුත් එසේ නොකර සමාජ මාධ්‍ය නියාමනයට නීති ගෙන ඒමෙන් සිදුවන්නේ විශාල විනාශයක්. ආණ්ඩුවට විරුද්ධ දේශපාලන රැල්ලක් ඇතිවෙයි කියන භය නිසා ආණ්ඩුව සමාජ මාධ්‍ය නියාමයට මේ ආකාරයෙන් පනත් ගේනන උත්සහ කරනවා. ‘‘

    ===================================

    ප්‍රශ්නය – මැතිවරණ කොමිසම කියලා තියෙනවා පළාත් පාලන මැතිවරණය තියන්න සල්ලි දීලා තියෙනවා කියලා.

    පිළිතුර – පළාත් පාලන මැතිවරණය තියන්න අවශ්‍ය මූලික මුදලවන බිලියන 1.5 ක මුදල ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලීම් කරලා තියෙනවා. මැතිවරණයට අදාල සමස්ත මුදල එකවර මැතිවරණ කොමිසමට ලබාදීලා නෑ. අවාසනාවට පළාත් පාලන මැතිවරණය තියන්න අවශ්‍ය ඇස්තමේන්තුව ඉදිරිපත් කළාම ආණ්ඩුව එම මුදල ලබාදීම ප්‍රතික්ශේප කරමින් රටේ මැතිවරණ සිතියම හකුලන්න ආණ්ඩුව උත්සහ කළා. එය වැරදියි. මේ සඳහා අධිකරණයේ නඩු කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. අධිකරණයෙන් සුබවාදී තිරණයක් ලැබුණොත් අනිවාර්යෙන් පළාත් පාලන මැතිවරණය තියන්න ඕන. ඒ සඳහා තමයි මැතිවරණ කොමිසම සුදානම් වෙන්නේ. 2024 තියෙන්නේ ජනාධිපතිවරණයක්. ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පිළිබඳ මෙවර අයවැයේ ඇතුලත් වෙලා තියෙන්න ඕන. එය මුදල් අමාත්‍යාංශයට මගහරින්න බෑ.

    ප්‍රශ්නය – ඊශ්‍රායල සහ පලස්තීන යුද්ධය නිසා තෙල් හිඟයක් ඇති වෙයිද?

    පිිළිතුර – තෙල් අර්බුදයක් එන්න පුලුවන්. තෙල් බැරලයක මිල ඩොලර් 7 කින් 8 කින් වැඩි වෙලා තියෙනවා. ඊශ්‍රායල සහ පලස්තීන යුද්ධය නිසා තෙල් මිල ඉහළ ගියොත් අපිට බලපාන්න පුලුවන්. ලංකාව මැදපෙරදිග තෙල් මත යැපෙන රටක්. ආණ්ඩුව මේ ප්‍රශ්නයට උපායශීලි ක්‍රමයක් භාවිතා කළයුතුයි. යම් ආකාරයක ගිවිසුම් ඇති කරන්න ලංකාව මේ මොහොතේ කටයුතු කළ යුතුයි.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version