ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට බලපෑ ඉඩාලියා සුළි කුණාටුවෙන් මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ.
කියුබාවේ සිට පැයට කිලෝමීටර් 215ක වේගයකින් මෙම කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඇතුළු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කුණාටු තත්ත්වය ඇතිවූ අවස්ථාවේ එම ප්‍රදේශයේ මුහුදු රළ අඩි 20ක් පමණ උසකින් වෙරළට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය නිසා එම ප්‍රාන්තයේ ජනතාවට ආරක්ෂක ස්ථාන වෙත ගමන් කරන ලෙසටද දැනුවත් කර ඇති අතර කුණාටුව හේතුවෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති බව සදහන්.















































