තම වගා බිම්වලට ජලය ඉල්ලා ඇඹිලිපිටිය නගරයේ ක්‍රියාත්මක සත්‍යග්‍රහයට අදට සතියක් ගතවන බව වාර්තා වේ.
පසුගිය සදුදා ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ උඩවලව ජලාශය සිදී ගොස් ඇති බැවින් තම වගාබිම් වලට සමනල වැවෙන් ජලය ලබාදෙන ලෙස ඉල්ලමිනි.
කෙසේ වුවත් තවමත් බලධාරීන්ගෙන් ඊට විසදුමක් ලැබී නොමැති බව සදහන්.
පවතින දැඩි නියගය හේතුවෙන් උඩවලවේ ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවට ගොවීන් චෝදනා කර තිබේ.














































