බෙන්තොට ප්‍රදේශයේ කුඩා සංචාරක හෝටලයක නාන තටාකයකට වැටීමෙන් වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති සිඟිත්තකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ අයුබ් අමානුල්ලා නැමති සිඟිත්තෙකි.
කොළඹ තිඹිරිගස්යායේ පදිංචි පවුලේ පිරිසක් බෙන්තොට ප්‍රදේශයේ සංචාරයකට පැමිණ මෙම හෝටලයේ ලැගුම් ගෙන සිටියදී මෙම සිඟිත්තා සිය මව පියා නොදැනුවත්ව ඊයේ (10) සවස නාන තටාකයට වැටෙන්නට ඇතැයි පොලීසිය පවසයි.
සිඟිත්තා කාමරයේ නොසිටි නිසා මවත් පියාත් ඒ ගැන සොයා බලද්දී හෝටල් භූමියේ ඇති නාන තටාකයේ පාවෙමින් තිබූ සිඟිත්තාගේ සිරුර ගොඩට ගෙන බෙන්තොට රෝහලට ගෙන එනවිටත් මිය ගොස් තිබූ බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.














































