English
සිංහල
08:03 සෙනසුරාදා, නොවැම්බර් 1, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේදී සංචාරක ව්‍යාපාරය  උපරිමයෙන් දායක කර ගන්නවා.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • ශ්‍රී ලංකාවටම ආවේණික ඉවුම් පිහුම් කලාව ප්‍රවර්ධනයට රජයේ සහාය.
    • ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු සඳහා වෙනම පාසලක් – ජනපති “2023 සුප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය” විවෘත කරමින් පවසයි. 

    මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවටම ආවේණික ඉවුම් පිහුම් කලාව ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ශණයට ලක්ව ඇති බවත් එහි ප්‍රවර්ධනයට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ  (09) ආරම්භ කෙරුණු “2023 සුප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනයේ” (Culinary Art Food Expo 2023) සමාරම්භක උත්සවය අමතමිනි.

    ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සූපශාස්ත්‍ර ශිල්පීන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන සුප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

    නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශන කුටි 88කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වන අතර එම ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක්විය. ප්‍රදර්ශනයට එක්ව සිටි  සූපවේදින් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද විමසා බැලීය.

    සුපශාස්ත්‍ර පිළිබඳ පාසලක් ඇති කිරීම, සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම ඇතුළු ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

    2023 සූපශාස්ත්‍ර  ප්‍රදර්ශනයට මට ආරාධනා කිරීම පිළිබඳව පළමුව මම ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. අපි මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අපේ වැඩපිළිවෙල වන්නේ පළමු අදියර තුළ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දෙගුණයක් කර ගැනීම තුළින් ලැබෙන ආදායම ඉහළ නංවා ගැනීමයි. ඒ අනුව අප දැන් ඉහළ ආදායමක් ලබන සංචාරක ව්‍යාපාරයක් රට තුළ පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කළයුතුයි.

    සංචාරක ක්ෂේත්‍රයේ ගාස්තු වැඩි කිරීමට නම් අප හොඳ සේවාවක් ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ සඳහා බොහෝ අංශ තිබුණ ද වඩාත් ආකර්ශනීය වී ඇත්තේ ශ්‍රී ලංකාව සතු ආගන්තුක සත්කාර සහ අපටම ආවේණික ඉවුම් පිහුම් කලාවයි. එබැවින් සංචාරක කර්මාන්තය පුළුල් වන විට  රටේ ප්‍රමාණවත් සූපවේදීන් පිරිසක් ද සිටිය යුතුයි.

    අද රටේ මානව සම්පත විශාල ලෙස රට හැර යාම දක්නට ලැබෙනවා. මේ මොහොතේ ප්‍රමාණවත් පරිදි  සූපවේදීන් සංඛ්‍යාවක් අපේ රටේ නැහැ. ඒ නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ හැකියාව නොමැති වී තිබෙනවා. එබැවින් මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ සූපවේදීන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට රජයේ සහාය ලබාදීමට අපි අපේක්ෂා කරනවා.

    නමුත් රජයට තනිවම එම වෙළෙඳපොළ අවශ්‍යතාව සපුරාගත නොහැකියි. එබැවින් ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අත්‍යාවශ්‍යයි. එහිදී ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට රජය සූදානමින් සිටිනවා.

    ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු සඳහා වෙනම පාසලක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු ‍වෙනවා. ඒ සඳහා ද පෞද්ගලික අංශයේ දායකත්වය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු පිළිබඳ පාසලක් සඳහා දකුණු පළාත තුළ ඉල්ලුමක් තිබෙනවා. නුවරඑළිය, බණ්ඩාරවෙල, ඇල්ල, දඹුල්ල යන නගරවලත් එවැනි පාසල් ආරම්භ කළ හැකි බව මම විශ්වාස කරනවා. තරුණ සූපවේදීන්ට අවශ්‍ය දැනුම ලබාදීමටත්,  ප්‍රවීන විදේශීය සූපවේදීන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් එය වැදගත් අවස්ථාවක් වනු ඇතැයි මම සිතනවා.

    ඒ වගේම මෙරට සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම කාලෝචිත බව මගේ විශ්වාසයයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් “තරු” සංකේත ඔවුන්ට ලබාදීමට පියවර ගත යුතුයි. නව සංචාරක ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී මේ පිළිබඳව සංචාරක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සඳහා පෞද්ගලික ව්‍යවසායකයින්ගේ ද සහාය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. ක්ෂේත්‍රයට අවශ්‍ය මානව සම්පත දියුණු නොකර සංචාරක කර්මාන්තය දියුණු  කළ නොහැකි බව මගේ විශ්වාසයයි.

    අපේ තරුණ තරුණියන් තුළ විවිධ කුසලතා තිබෙනවා. එම කුසලතා සංවර්ධනය කිරීම තුළින් ඔවුන්ට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කර දිය හැකියි. අද මෙහි සිටින ඔබ සියලුදෙනා අනාගතයේ දක්ෂ සූපවේදීන් බවට පත්වී රටට සේවය කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

    ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාදෙමින් ඔවුන්ට රට තුළ රැඳී සිටීමට සුදුසු පසුබිම සකස් කරදීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීන සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් මහතා,

    අභියෝග රැසක් ජයගනිමින් පවත්වන Café 2023 ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ඔබ සියලුදෙනා මම සාදරයෙන් පිළිගන්නවා. 2019 වසරෙන් පසුව කොවිඩ් ව්‍යාප්තිය ඇතුළු ගැටලු හේතුවෙන් අපට මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

    කෙසේ වුවත් මෙම වසරේ  ප්‍රදර්ශනය පැවැත්වීමට අප තීරණය කළ අතර ඒ සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. කොවිඩ් ඇතුළු අර්බුදවලින් සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල වුණා. මෙම තත්ත්වයෙන් ගොඩඒමට අපේ රටට හැකිවෙයි ද කියලා බොහො අයට සැකයක් තිබුණා. නමුත් කිසිවෙකු නොසිතු ලෙස ඉතා වේගයෙන් අද රට යථා තත්ත්වයට පැමිණ තිබෙනවා.

    ඒ පිළිබඳ ජනාධිපතිතුමාටත්, රජයටත් අපි ස්තූතිවන්ත විය යුතුයි.  පසුගිය සමයේ බොහෝ ව්‍යාපාර වසා දැමීමට සිදු වූණා. එම වසා දැමූ ව්‍යාපාරවලින් බොහෝ ප්‍රමාණයක්  නැවත විවෘත වන අයුරු දක්නට ලැබෙනවා. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැවත ලෝකය පුරා ප්‍රචලිත කරමින් රටේ සංවර්ධනයට දායක වීමයි.

    CWC MACKIE PLC සමාගමේ සාමාන්‍යාධිකාරි දුමින්ද කොතලාවල, අප්ෆීල්ඩ් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ මෙරට ප්‍රධානී අනුරුද්ධ අලුවිහාරේ, S4IG කලාපීය ප්‍රධානී ඩේවිඩ් ඇබ්ලට්, පැල්වත්ත කිරි සමාගමේ අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමරත්න, Asriel Marketing පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශිරාන් පීරිස්, ලෝක සූපවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීන සූපවේදී තෝමස් ගුග්ලර් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version