මෙරට සංචාරය සදහා පැමිණ සිටි පිලිපීන ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියක් සිව්දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් විසින් පැහැර ගැනීමේ සිද්ධියක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.
පීලීපීන ජාතික කාන්තාවකගේ බෑගයේ රුපියල් අනුදහසක් ,ඇමරිකානු ඩොලර් සියයක් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් දේසීයක් තිබු බව ගාල්ල පොලීසිය සදහන් කර තිබේ.
මෙම කාන්තාව විසින් ගාල්ල සමනල ක්‍රීඩාංගනය අසලදී තම බෑගය බිම තබා ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගැනීමට සැරසුණු අවස්ථාවේ මෙම කොල්ල කල්ලියේ එක් අයකු බෑගය ගෙන රත්ගම වෙරළ ප්‍රදේශයට දිවගොස් ඇති අතර සංචාරක කාන්තාවද ඔවුන් ලුහු බිඳිමින් දිවගොස් ඇති නමුත් පලක් නොවූ බව සදහන්වේ.
මෙරට සංචාරයක සඳහා පැමින රත්ගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටිමෙම කාන්තාව ගාල්ල නගරය සහ කොටුව නැරඹීමට පැමිනෙමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදුව තිබේ.
පසුව කොල්ලකරුවන් විසින් බෑගය අතර මග දමා ගොස් තිබී සොයා ගෙන ඇති අතර එහි ඉතිරිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍රය පමනක් වන බවත් සියලු මුදල් සොරුන් විසින් රැගෙන ගොස් තිබූ බවත් පොලීසිය ප්‍රකාශ කොට තිබේ.














































