පාකිස්තානයේ සිදුවූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ඉන් පුද්ගලයින් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සදහන්.
රාවල්පිණ්ඩි සිට පැමිණි හසාරා අධිවේගී දුම්රිය මෙසේ පීලි පැන ඇත්තේ නවාබ්ෂාහ් දුම්රිය ස්ථානය ආසන්නයේදී ය.
අනතුරින් දුම්රිය මැදිරි අටක් පීලි පැන ඇති අතර තවදුරටත් දුම්රිය මැදිරි තුළ මගීන් සිරව සිටින බව සඳහන්.
ඒ අනුව පාකිස්තාන සහන කණ්ඩායම් විසින් මේ වන විට එම ස්ථානයේ විශේෂ මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවට විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.















































