පොලිස් සැරයන්වරයෙකුට අල්ලස් මුදල් ලබාදීමට තැත්කළ පුද්ගලයෙකු ලබන 8 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වේ .
දොඹගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු රාත්‍රී ජංගම රාජකාරි සංචාරයේ යෙදී සිටියදී යතුරුපැදියක් නවත්වා පරික්ෂා කිරීමේදී එම පුද්ගලයාට රියදුරු බලපත්‍ර නොමැති බව අනාවරණය වී තිබේ . අනතුරුව එම නිලධාරියා නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමේදී අල්ලස් මුදල් ලබාදීමට උත්සාහ දරා තිබේ .
එම අවස්ථාවේ දී අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව වාර්තා වේ .














































