උපකාරක පන්ති ගුරුවරයකු විසින් සිසුවියන් 16 දෙනකු හට ලිංගික අතවර කර ඇතිබවට කළුතර ප්‍රදේශයෙන් වාර්තාවේ.
ගණිත විෂය උගන්වන මෙම ගුරුවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාශයේ පොලිස් ස්ථාන කිහිපයකින් විමර්ශන ආරම්භ කොට ඇති බව වාර්තාවේ.
අදාළ ගුරුවරයා විසින් සිසුවියන්හට පන්තිකාමර තුල හා කළුතර ලාගොස්වත්ත කැලෑ ප්‍රදේශයකදී ඔහුගේ මෝටර් රථය තුලදී ලිංගික අතවර සිදුකොට ඇතිබවත් සුම් ලින්ක් යවා ඒ හරහා සිසුවියන් සම්බන්ධ කර ගනිමින් ලිංගික කටයුතු සදහා සිසුවියන් පොළබවා ගැනීමට විවිධ දේ කර ඇතිබව හා ඒවා පටිගතකොට ඇති බව වාර්තාවේ.
අදාළ සැකකාර ගුරුවරයාගේ බිරිඳ ඔහුට අයත් ලැප්ටොප් පරිගණකයේ තිබී මේ හා සම්බන්ධ වීඩියෝ දර්ශන දැකීමෙන් පසු එම සිසුවියන්ගේ දෙමාපියන් හට දැනුම්දීමට ඇය විසින් කටයුතු කොටතිබේ. පසුව එම දෙමාපියන් පොලිසිය වෙත පැමිණිලි කොට ඇති බව සඳහන් වේ.
මෙලෙස අතවරයන්හට ලක්වූ සිසුවියන් අතර එම ප්‍රදේශයේ පොලිස් නිලධාරියකුගේ දියණියක්ද සිටිනබව සඳහන්වේ.
මේ පිළිබදව කළුතර ප්‍රදේශයේ පොලිස් ස්ථාන කිහිපයක් හා කළුතර ළමා හා කාන්තා කාර්යංශය විසින් පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කොට තිබේ.














































