පසුගිය මැයි 14 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් කිසිඳු අපේක්ෂකයෙකුට 50% කට වඩා වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් තරගකරුවන් දෙදෙනා අතර දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්විණි.
දෙවන වටයේ ඡන්ද විමසීමේ දී 52.16% ක බහුතරයක් හිමි කර ගනිමින් තුර්කීය ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති රිසේප් තායිප් නැවත වරක් ජය තහවුරු කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නමුත් තුර්කි විපක්ෂ නායක කෙමාල් කුලුච් දරෝලු පරාජයෙන් අනතුරුව ප්‍රකශ කර ඇත්තේ එය ඉතා අසාධාරණ මැතිවරණයක් බවයි.















































