දෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බව සදහන්.
ඒ අනුව ජනපති නොමැති කාලය තුළ ජනපති යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීමට අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් ෂෙහාන් සේමසිංහ මුදල් ,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරන බව සදහන්.













































