ජර්මනියේ ආරක්ෂක සේවකයින් සහ ගොඩබෑමේ කටයුතු හා සම්බන්ධ සේවකයින් වැඩි වැටුප් ඉල්ලා එක් දින වැඩ වර්ජනයක් කැඳවා තිබීම හේතුවෙන් බර්ලින් සහ හැම්බර්ග් යන ගුවන් තොටුපොළවල් දෙකෙහි කටයුතුවලට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම බර්ලින් ගුවන් තොටුපොළේ සියලු පිටත්වීම් තාවකාලිව නවතා දමා ඇති අතර ගුවන් යානා ගොඩබෑමට ද බාධා එල්ල විය හැකි බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.















































