පෑලියගොඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් හට පහර දී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
කැලණිය දුම්රිය පොළ ඉදිරිපිට දී දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබියදී නොසැලකිලිමත් ලෙස දුම්රිය මාර්ගය හරහා ත්‍රී රෝද රථයක් ධාවනය කර තිබේ. එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි රථවාහන පොලිස් නිලධාරීන් විසින් රථය නැවැත්වීම සඳහා අණ ලබා දුන්නද ඔවුන් එම අණ නොතකා ලොරි රථයක් ද අනතුරට ලක් කරමින් පලා යාමට සූදානම් වී තිබේ. නමුත් සැකකරුවන් පසුපස හඹා ගොස් හතර කණුව ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට ද පහර දී ඇති අතර ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
අදාළ සැකකරුවන් දෙදෙනා අද (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














































