පසුගිය 28 වන දා අලුයම 4:30 ට පමණ අනුරාධපුර රෝහලේ පහර දීමක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට එම වාට්ටුවට ඇතුළු වූ පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කරන ලද සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඒ, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඝාතනයට ලක්වූ පුද්ගලයාට, ඊට දින දෙකකට පෙර පහරදී තුවාල සිදු කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඊයේ (1) දින අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු සහ එම ප්‍රදේශයේම පදිංචි පදිංචි 23 හැවිරිදි කාන්තාවක් සිටින බව පොලිසිය සදහන්කර තිබේ.
මරණකරු ඝාතන සිද්ධියටද ඉහත සදහන් දෙදෙනා සම්බධ වී ඇත්දැයි දැන ගැනීමට වැඩිදුර විමර්ශන සිදු කරන බව ද පොලීසිය සඳහන් කරයි.














































