මන්නාරම පොලිසියට ලද පැමිණිල්ලකට අනුව කටාර් රාජ්‍යයේ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ හයක මුදලක් වංචා කළ සැකකාරියන් දෙදෙනෙක් ඊයේ (03) දින අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකාරියන් දෙදෙනා 23 හැවිරිදි සහ 42 හැවිරිදි අය අය බව සදහන් .
මොවුන් ඊයේ (03) මන්නාරම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මන්නාරම පොලිසිය විසින් සිදු කරයි.














































