වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරන ද්‍රව්‍ය කූරු 58ක් සහ ඩෙටනේටර් 100ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළ අසලදී නාවික හමුදා භාරයට ගෙන ඇති බවට වාර්තා වේ.
එම පුපුරණ ද්‍රව්‍ය නීති විරෝධී ලෙස විකිණීමට ත්‍රීරෝද රථයකින් ගෙන යමින් සිටියදී පොලිසිය හා හමුදාව එම ප්‍රදේශයේ ඊයේ (18) සිදුකල විශේෂ මෙහෙයුමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී ඇත.
නීතිවිරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරන ධීවර කටයුතු සදහා මේවා රැගෙන යන්නට ඇතැයි නාව්ක හමුදාව විශ්වාස කරන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33 හා 34 වයස්වල පසුවන නිලාවේලි හා ත්‍රිකුණාමල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ඉදිරි නීතිමය කටයුතු සදහා ත්‍රිකුණාමල පොලිසිය වෙත භාරදෙන බවට හමුදාව විසින් ප්‍රකාශ කර තිබේ.
















































