ගාල්ල දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියකින් ඉන්ධන සොරකම් කළ එම දුම්රිය ස්ථානයේ දුම්රිය භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඉන්ධන තොගය ගබඩාවට බෑමෙන් පසු නැවත ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණ නවතා තිබියදී එහි ඉතිරිව තිබූ ඉන්ධන ලීටර් 5.05ක් සොරකම් කළ දුම්රිය භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනා ඔවුන්ගේ කුටිය වෙත එමින් සිටියදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දී තිබේ.
සැකකරුවන් දෙදෙනා අද (15) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































