මොරටුව නගරයේදී පසුගිය දිනක තරුණියකගේ මුදල් පසුම්බියක් කොලාකා සැගවසිටි සැකකරුවන් දෙදෙනකු ඊයේ (27) දින පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඒ රත්මලාන ප්‍රදේශයේදී මොරටුව පොලිසියේ නිලධාරීන් විසින් කරන ලද වැටලීමකදී බව සදහන් කර තිබේ.
අදාළ සැකකරුවන් වයස අවුරුදු 22 හා 23 යන වයස්වල පසුවන රත්මලාන ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් මෙම කොල්ලාකෑම සදහා යොදා ගත් ත්‍රිරෝද රථය, සොරකම් කරන ලද මුදල්, රන්භාණ්ඩ, දුරකථනය, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා අද (28) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.














































