පෙම්වතාගේ අතට මාංචු දමා පෙම්වතියට අතවර කරා යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් හම්බෙගමුව පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයකු රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බව වාර්තාවේ.
අදාළ තරුණිය තම පෙම්වතා සමග සමනල වැව නැරඹීමට ගොස් සිටි අවස්ථාවේ අදාළ පොලිස් කොස්තාපල් වරයා ඔහුන් සිටි ස්ථානයට පැමිණ ඔහුන් බිය ගන්වා, තරුණයා යතුරුපැදියට තබා මාන්චුදමා තරුණියට අතවර කොට ඇති බවයි පැවසෙන්නේ.
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ අසල සිටි පුද්ගලයකු ඒ බව පොලිසියට දැනුන් දී ඇති අතර ඒ අනුව එදිනම සමනල වැව පොලීසිය විසින් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 20 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙන අතර කොස්තාපල්වරයාගේ වැඩතහනම් කොට ඇති බවත්, ඔහුට එරෙහිව පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවද පොලීසිය සඳහන් කර ඇති බව වාර්තාවේ.
18 හැවිරිදි අදාළ තරුණිය මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ සිය පෙම්වතා සමඟ පසුගිය 08 වනදා සමනලවැව ඉස්මත්තට පැමිණ තිබුණ අවස්ථාවකදීය.
සැකකාර පොලිස් කොස්තාපල් වරයා වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය වී තිබේ.














































