තල්දූව ප්‍රදේශයේ දී පුද්ගලයන් සිව්දෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩිතබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ බව කියන මන්නා රමේෂ් නමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගත්බවට විශේෂ කාර්ය බළකාය පවසා ඇති බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල ගලබලන කන්ද ප්‍රදේශයේ පදිංචි 21 හැව්රිදි පුද්ගලයකු බවට පොලීසිය පවසයි.
හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 6100 ක්, ජංගම දුරකථනයක් සහ රුපියල් 4340 ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු ඉකුත් සැප්තැම්බර් 20 දා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ දී ටී 56 ගිනිඅවියකින් වෙඩිතබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ පුද්ගලයන් දෙදෙනෙකු හට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවට අනාවරණය වී ඇති බවද විශේෂ කාර්ය බළකාය සදහන් කරයි.














































