පෑලියගොඩ මැනිං වෙළෙදපොලේ එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් පහත බැස ඇති බවට වාර්තා වේ.
මැනිං පොදු වෙළද සංගමයේ සභාපති එච්.එම් උපසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ එළවළු වර්ගවල තොග මිල රුපියල් 100කින් අඩු වී ඇති බවත් ,ඊයේ (27) වන විට බෝංචි කිලෝවක මිල රුපියල් 100ක්ද ,තක්කාලි කිලෝ එකක් රුපියල් 150ත් -180ත් අතර මිලකට අලෙවි වන අතර රුපියල් 450කට අලෙවි වූ කැරට් කිලෝවක් රුපියල් 70-100ත් අතර මුදලක් දක්වා අඩු වී තිබූ බවය.













































