වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් , දන්සැල් පැවැත්වීමට පෙර දිනයේ සහ දන්සැල් පවත්වන දිනයේ අදාළ පරීක්ෂා කිරීමේ කටයුතු සිඳු කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ. එමෙන්ම මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් දන්සැල් ආශ්‍රිතව පාචනය රෝගය පැතිර යාමේ අවධානමක් පවතින බවත් , දන්සැල්වල ආහාර පාන සැකස් කිරීමේදී සහ ජලය භාවිතා කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දැනුම් දී තිබේ















































